නවතම පුවත්

අමෙරිකාව හැමවිටම ශ්‍රී ලංකාව සමඟයි – තානාපතිනි

අසංක

අසංක

සමස්ත ලෝකය ම කොරෝනා වසංගත තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ඇමෙරිකාව සැමවිටම කටයුතු කරන බව මෙරට ඇමෙරිකානු තානාපතිනී ඇලෙනා බී . ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කර සිටී .

ඇමරිකාවට අපනයනය කිරීම සඳහා මෙරට බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය සංඛේතාත්මකව භාරදීමේ අවස්ථාවට එක්වෙමින් තානාපතිනිය මේ බව පැවසීය .

කොවිඩ් – 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට මෙරට සමාගමකට හැකි වී තිබීම අගය කරන බවත් තානාපතිනිය මෙහිදී පැවසීය

ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරන බවද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය

“ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්