සටහන- සනේෂ් වීරයබණ්ඩාර
ශ‍්‍රි ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදට යෙදී තිබේ.
මෙම තරගයේ මේ දක්වා වැඩි වාසි හිමිකර ගැනීමට නවසීලන්ත පිළ සමත්වුවද වර්ෂාවෙන් ඇතිවන බාධා හමුවේ බොහෝ දුරට තරගය ජය පරාජයෙන් තොරව අවසන්වනු ඇතැයි ක‍්‍රිකට් විචාරකයෝ පවසති.
දින 4 පුරාවටම වර්ෂාවෙන්බාධා ඇතිවීම හේතුවෙන් සිවුවන දිනය නිමාවනවිටත් නවසීලන්තය සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරමින් සිටියේය.
ඒ ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 244ට පිළිතුරු ලෙසයි. සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරන නවසීලන්ත කණ්ඩාම මේ වනවිට ලකුණු 138 ඉදිරියෙන් පසුවන්නේ කඩුලූ 5 ක් අතැතිවයි.
වර්ෂාවෙන් බාධාවක් නොවුනහොත් නවසීලන්තය මෙම ප‍්‍රබල තත්ත්වය ඉදිරියට ගෙනයමින් තරගය ජය ගැනීම සදහා උත්සක වෙනවාට සැක නැත. නමුත් ශ‍්‍රි ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම ක‍්‍රිඩා කළහොත් සිය සුපුරුදු පිතිකරණයට මග පාදා ගන්නේ නම් මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමට වැඩි ඉඩක් පවතියි.
අදාල තත්ත්වය වර්ෂාව මත තවත් බොහෝ වෙනස් ප‍්‍රතිඵල ගෙනදේමට හැකිය. මේ නිසා පළමු ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රි ලංකාව ටෙස්ට් තරගාවලියක ජය අභියසට පැමිණ තිබේ.
ශ‍්‍රි ලංකාව 244
නවසීලන්තය 382/5 (110*