නවතම පුවත්

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් එකඟතාව පළකර ඇත .

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයේදී  පැවති සාකච්ජාවකදී අලෙවිකරුවන් මෙම එකඟතාව පළකර ඇත .

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කුකුළු මස් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් එක්විය.

වෙළෙඳපොළේ දිනෙන් දින කුකුළු මස් මිල ඉහළයෑම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයින් පසුගියදා එම වෙළෙඳාමෙන් ඉවත්වීමට ද පියවරගෙන තිබුණි.

මෙම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ පැවසීය

“බොයිලර් කුකුළු මස් කිලෝවක් රුපියල් 430 ට අලෙවි කරන එක කිසිඳු ගැටලුවකින් තොරව අවශ්‍ය ඕනම ප්‍රමාණයක් වෙළෙඳපොළට ලබාදීමට එම සමාගම් අද කැමැත්ත පළ කළා. ඒ වගේම අතරමැදියන්ගේ අලෙවිය සම්බන්ධයෙන් තිබුණු ගැටලුවත් නිරාකරණය වුණා. නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා අතරමැදියන්ට රු.375ට දෙන්න. අතරමැදියන් පොරොන්දු වුණා වෙළෙදුන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්න. රුපියල් 600කට වඩා වැඩියෙන් වෙළෙඳපොළේ අලෙවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලත් තීරණය වුණා,”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්