නවතම පුවත්

කුඩා දරුවන් අතර මන්දපෝෂණය ඉහළට

අසංක

අසංක

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් යොදාගනිමින් කළ පර්යේෂණයකදී 20%ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය කරගෙන ති‍බේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ පසුගිය කාලය තුළ දරුවන්ගේ වයසට සාපේක්ෂව බර අඩුවීමේ තත්ත්වයන් දිගින් දිගටම දැකගත හැකිවීම නිසා මෙම පර්යේෂණය කිරීමට යොමුවූ බව ය.

මේ සඳහා 2 වාට්ටුවේ දරුවන් 53 දෙනකු පරීක්ෂණයට ලක්කළ බවත් ඉන් 11 දෙනකු මන්දපෝෂණයටත් 4 දෙනකු තීව්‍ර මන්දපෝෂණයටත් ගොදුරු වී සිටින බව හෙතෙම අනාවරණය කළේය.

දෙමව්පියන්ගේ ආර්ථික ශක්තිය අඩුවීම හා පෝෂණය පිළිබද අවධානය අඩුවීමත් මීට හේතුව බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

කුඩා දරුවන්ගේ පෝෂණය නිසි පරිදි ලබාදීමට චීස්, බටර් ආදි ආහාර ලබාදීම අවශ්‍ය නොවන අතර ඒ සඳහා කොස්, දෙල්, කොස්ඇට, ගොටුකොළ, මුරුංගා කොළ, හාල්මැස්සන්, බිත්තර, මෑකරල්, මුකුණුවැන්න ආදිය ඉතා ප්‍රමාණවත් බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.

එමෙන්ම විටමින් ලබාදීමට දරුවන්ට මෙරට වැවෙන අඹ, රඹුටන්, වෙරළු, ජම්බු ආදී පලතුරු ඉතාම ගුණදායක බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්