නවතම පුවත්

ගැබිණි මව්වරුන්ට බාල බෙහෙත් පොවලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගර්භනී මවුවරුන්ට සහ  ඇතැම් රෝගීන්ට  ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි  55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන්  අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත්  ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් සියයට 98 කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පෙති  මිලදී ගෙන ඇත්තේ 2013,2014 සහ  2015 යන වර්ෂ සඳහාය.

ඒ සඳහා වැය කර ඇති  මුදල රුපියල් කෝටියකට ආසන්නය.

මේ අතර රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා එන්නත් තොගයක් තත්වයෙන් අසමත්වීම හේතුවෙන්  භාවිතය අත්හිටුවන ලෙසට  2016 වර්ෂයේදී චක්‍රලේඛය නිකුත් කරන  විටද එහි ජීව කාලය අවසන්වී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  තොරතුරු අනාවරණය කරගෙන ඇත.

කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය නම්   එම එන්නත්වලින්   සියයට 99ක් ඒ වන විටත් පාවිච්චි කර අවසන්වී තිබීම බව එම කාරක සභාව පවසයි.

කෝපා  කාරක සභාවේ දී අදහස් දැක්වූ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පැවසුවේ ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අයකරගැනීමට හැකියාව  ලැබෙන  බවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්වය තරමක් දුරට  හෝ මඟහරවා ගත හැකි බවද  ඔවු  එම කමිටුවට පෙන්වා දුන්හ.

මෙම අයකිරීම්වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මසක් ඇතුළත යොමු කරන ලෙස  කාරක සභාව නිලධාරීන්ට  නිර්දේශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්