කුරානයට ගිනිතැබීම , ජනපති හෙළාදකී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ.

එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.