කුරුඳු අපනයෙන් ලංකාව ලොව සිව්වැනි ස්ථානයට

Picture of අසංක

අසංක

කුරුඳු අපනයන ක්ෂේත්‍රයෙන් ලොව සිව් වැනි ස්ථානය හිම්කරගනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිලිබඳ ජාත්‍යන්තරය තුල ඇති පිළිගැනීම මේ හරහා පැහැදිලි වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

මෙරට කුරුඳු සදහා ලෝකයේ රටවල් ගණනාවකින් පවතින ඉල්ලුම දිනෙන් දින ඉහල යමින් ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු නිෂ්පාදනය සඳහා ගොවීන් තවදුරටත් දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.