මෝටර් රථයක් කුළි පදනම මත ලබාගෙන එය නැවත හිමිකරුට භාරනොදී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සමාගම් අධ්‍යක්ෂවරියක්ව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Haddon Lynne Elizabeth නැමැති 58 හැවිරිදි මෙම සාමාගම් අධ්‍යක්ෂවරියව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඊට අමතරව ඇයට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පැනවීමට කටයුතුකර තිබේ.
උස්වැටකෙයියාවේ තාවකාලිකව පදිංචිව සිටින මෙම බ්‍රිතාන්‍ය ජාතික සමාගම් අධ්‍යක්ෂකවරිය සිය පරිහරණයට කුළි පදනම මත ලබාගත් මෝටර් රථයක් ගිවිසුමේ කොන්දේශි කඩකරමින් එහි හිමිකරුට භාරනොදීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.