නවතම පුවත්

කුලියට ගත් කාරෙක යළි නොදුන් බ්‍රිතාන්‍ය ජාතික ලොක්කියක් අත්අඩංගුවට

අසංක

අසංක

මෝටර් රථයක් කුළි පදනම මත ලබාගෙන එය නැවත හිමිකරුට භාරනොදී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සමාගම් අධ්‍යක්ෂවරියක්ව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Haddon Lynne Elizabeth නැමැති 58 හැවිරිදි මෙම සාමාගම් අධ්‍යක්ෂවරියව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඊට අමතරව ඇයට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පැනවීමට කටයුතුකර තිබේ.

උස්වැටකෙයියාවේ තාවකාලිකව පදිංචිව සිටින මෙම බ්‍රිතාන්‍ය ජාතික සමාගම් අධ්‍යක්ෂකවරිය සිය පරිහරණයට කුළි පදනම මත ලබාගත් මෝටර් රථයක් ගිවිසුමේ කොන්දේශි කඩකරමින් එහි හිමිකරුට භාරනොදීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්