“කොකාකෝලා නෙවෙයි වතුර බොන්න..වතුර” – රොනාල්ඩෝ ප්‍රසිද්ධියේම කොකාකෝලා බෝතල් අයින් කරයි

Picture of අසංක

අසංක

 

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එරට දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට අසුන් ගත් සැණින් කළ දෙයක වීඩියෝ දර්ශන සමාජ ජාල පුරා වෛරසයක් මෙන් සැරිසරමින් තිබේ.

එනම් අනුග්‍රාහකත්වය සදහා මාධ්‍ය හමුවේ ඔහු අසුන් ගන්නා ප්‍රධාන මේසය මත තබා තිබූ කොකාකෝලා බෝතල් දෙකක් වහාම ඉවත් කරන්නේ ‘වතුර බොන්න වතුර… කොකාකෝලා නෙවෙයි’ යනුවෙන් කෝප වූ හැගීමකින් පවසමිනි.

ඒ දෙස ඔහුගේ පුහුණුකරු සැන්ටොස් පවා මදක් විමතියෙන් බලා සිටින අතර ඔහු සුපුරුදු පරිදි මාධ්‍ය හමුව අමතයි.

36 වැනි වියෙහි සිටිියත් ඔහු තවමත් ලෝකයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම පාපන්දු පිටියේ ‘භයානකම ස්ටයිකර්’ ලෙසින් අමතන ක්‍රීඩකයෙකි.

රොනාල්ඩෝ හංගේරියාවට එරෙහිව යූඑෆ්ඒ යුරෝ ශූරතාවලියේ කිරුළ ආරක්ෂා කිරීම බුඩාපෙස්ට්හි ෆෙරෙන්ක් පස්කස් ක්‍රීඩාංගණයේදී තරගය අද ඇරඹෙනු ඇත.

රොනාල්ඩෝ සිය දිගු හා කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස තබා ඇති සංකේතය නොබිදිමින් වෘත්තියභාවය ආරක්ෂා කරන ක්‍රීඩකයෙකි. රොනාල්ඩෝ මීට පෙර ද ක්ෂණික කෑම, සිරුරට අහිතකර ආහාරපාන සඳහා ඇති අකමැත්ත ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

“මම මගේ පුතාට ඒ ගැන දැඩිව ඉන්නවා,” ක්‍රිස්ටියානෝ මෑතකදී පවසා තිබුණි. ‘සමහර විට ඔහු කොකාකෝලා සහ ෆැන්ටා පානය කරනවා. ඔහු ෆ්‍රයිස් පවා කනවා. මම එයට කැමති නැති බව ඔහු දන්නවා.’

 

https://twitter.com/FutbolBible/status/1404522910107291650?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1404522910107291650%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fzeenews.india.com%2Ffootball%2Feuro-2020-cristiano-ronaldo-removes-coca-cola-bottles-placed-in-front-of-him-here-s-why-2369197.html