නවතම පුවත්

පොහොර හිඟය නිසා ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ! – මහාචාර්ය මාරඹේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ පවතින පොහොර හිඟය නිසා යල කන්නයේ අස්වනු අඩුවීමෙන් ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ඇතිවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම ආයතනයේ සංස්කාරක මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අනතුරු අඟවා සිටී .

මහනුවර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී මාරඹේ මහතා මේ බව සඳහන් කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

“රසායනික වුණත් කාබනික වුණත් – ශාඛයට පෝෂණය අවශ්‍යයි. ඒ පෝෂණය අවශ්‍ය අවස්ථාවෙ අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙන්න බැරිවුණොත් එහෙම මේ කෘෂිකර්මාන්තයෙන් අපට අවශ්‍ය කරන අස්වැන්න ගන්නට වෙන්නේ නැත ! ඒක තමයි සත්‍යය. ඒක තමයි පිළිගත් විද්‍යාත්මක සත්‍යය. ආහාර සුරක්ෂිතතාව කියන්නෙ ජාතික ආරක්ෂාව. ඒ ජාතික ආරක්ෂාව අපි නැති කරගත්තොත් එහෙම අපට මේ තියෙන ආර්ථික ක්‍රමයේ වැඩිදුර යන්න බැරිවේවි”

“ලෝකයේ ගෝලීය වශයෙන් අරන් බැලුවොත් එහෙම මෙවැනි කර්තව්‍යකට මූලිකව අවතීර්ණ වුණේ භූතාන රජය. නමුත් 2018 වෙනකොට ඔවුන්ට තේරුණා ඔවුන් ආහාර ආනයනය කරන රටක් බවට ක්‍රමයෙන් වැඩිදුරටත් පත්වෙමින් පවතිනවා කියලා. ඔවුන් තමන්ගේ අවශ්‍ය සහල් වලින් 63%ක පමණ ප්‍රමාණයක්, අවශ්‍යවන බඩ ඉරිඟු වලින් 21%ක් පමණ ප්‍රමාණයකුත් ඒවගේම අවශ්‍ය වන එළවලු වලින් 23%ක පමණ ප්‍රමාණයකුත් ආනයනය කරන තත්වයට පෙළඹිලා තියෙනවා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්