පැතුම් වික්රමරත්න
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ (09)දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 259.60 කින් හෙවත් 2.44% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 59.87 කින් හෙවත් 1.64% කින් පහළ යන ලදී.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,361 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 3,590.07 ක් ලෙසින් සටහන්ව තිබුණි.