නවතම පුවත්

කොටස් වෙළඳ පොළ අර්බුදයකද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊයේ (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 151.80 ක දැඩි පසුබෑමක් වාර්තා කරන ලදී.

S&P SL 20 දර්ශකය ද ඒකක 46.37 කින් දිනය තුළ දී පහළ යන ලදී.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,638.92 ක් ලෙසත්, S&P SL 20 දර්ශකය ඒකක 2,648.99 ක් ලෙසත් වාර්තා විය.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.25 කි.

ඊයේ (13) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 147.76කින් පහළ ගොස් තිබුණි.

අද දින ගනුදෙනු අවසානයෙ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 3,830.35 ක් ලෙසින් සටහන් විය. පසුගිය සිකුරාදා (10) දිනය අවසානයේ දී මෙම අගය වාර්තා වූයේ රු. බිලියන 3,969.86 ක් ලෙසිනි.

මේ අනුව ඊයේ සහ අද දෙදින තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 139.50 කින් අඩු වී ඇත.

එනම් දින දෙකක් තුළ දී රු. කෝටි 13,950 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වී ඇති බවයි.

අද දින සමාගම් 158 ක් කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි. එහිදී කොමර්ෂල් බැංකුව, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ලංකා IOC, NDB සහ හේලීස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් බලපාන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්