නවතම පුවත්

ජපානයෙන් යෙන් බිලියන 5ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

“අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් බිලියන 5ක ප්‍රදානයක් ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව පළකරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම පිණිස ඉන්ධන ප්‍රධාන වශයෙන් ඩීසල් සැපයීම් සඳහා තමයි මේ ප්‍රදානය ලබාදීලා තියෙන්නේ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්