නවතම පුවත්

“කොටුගොඩ ධම්මාවාස නාහිමි ජාතික ආගමික ප්‍රශ්නවලදී කැපවුණේ රට වෙනුවෙන්”- ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ජාතික, ආගමික ප්‍රශ්නවලදී ශාසන සම්ප්‍රදාය රැකගෙන රට වෙනුවෙන් කැප වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උන්වහන්සේ නිවුනු, සැනසුනු රටක් වෙනුවෙන් හැමවිටම රජයට සහ රාජ්‍ය නායකයන්ට අනුශාසනා කළ බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඊයේ (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක,අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.
ආදාහන පූජෝත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට වැඳ නමස්කාර කර අවසන් ගෞරව දැක්වීය.
1933 ජනවාරි 26 වැනි දින අළුත්කුරු කෝරලයේ, දාසියපත්තුවේ, අත්තනගලු ඔය අසබඩ කොටුගොඩ ගම්මානයේ උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට 88 වැනි වියෙහි පසු වූහ. වයස 14 දී පැවිදි බිමට පිවිසි උන්වහන්සේ 1954 වසරේදී උපසම්පදාව ලැබූහ.
රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණෙන් හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ
දශක 07කට අධික කාලයක් ශාසන මෙහෙවරෙහි නිරත වූහ. අමරපුර මහා නිකායේ අනුනායක, සම ලේඛකාධිකාරී,
මහා ලේඛකාධිකාරී සහ උත්තරීතර මහා නායක ධූර හෙබ වූ උන්වහන්සේ අපවත්වන තුරුම සමාජයට හා බෞද්ධ ප්‍රජාවට ඉමහත් සේවාවක් කළහ.
ගුවන්විදුලිය, රූපවාහිනිය ඔස්සේ ධර්ම දේශනා විශාල සංඛ්‍යාවක් කළ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබේ.
ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය නායකයා ලෙස මෙන්ම සමීප දායකයෙකු ලෙසත් ධම්මාවාස නා හිමියන් බැහැ දුටු සෑම
විටකදීම සමාජ සුබසිද්ධිය, සමාජය සමෘද්ධිමත් කිරීම සහ ජනතා යහපත උදෙසා උන්වහන්සේ අනුශාසනා කළ
බව ජනාධිපතිවරයා පැවසීය.
මහානායක ස්වාමීන් වහන්සේ තුළ වූ කාරුණිකව බව සහ නිවුණු ගති ගුණ ලොකු කුඩා සැමට හොඳින් දැනිණ.
සම්භාවනීයත්වයට, ලෝක ගෞරවයට පාත්‍රවත්ම උන්වහන්සේ තව තවත් සමාජයට හා දායකකාරකාදීන්ට
සමීප සහ කාරුණික වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
උන්වහන්සේගේ හදවතේ තිබූ කාරුණික බව, කටහඬින් සහ කථා විලාශයෙන් පිළිඹිබු වූ බව රාජපක්ෂ මහතා
සිහිපත් කළේය.
ගම්, නියම් ගම්වල සහ විදෙස් රටවල ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් උන්වහන්සේ රටටත්, බෞද්ධ ලෝකයටත් කීර්තියක් අත්කර දුන් බව ජනාධිපතිවරයා කීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්