නවතම පුවත්

කොතරම් දුෂ්කරතා තිබුණද කිසිවෙකුටත් යට නොවන රටක් හදනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

අසංක

අසංක

කොතෙකුත් දුෂ්කරතා තිබුණද කිසිවෙකුටත් යට නොවෙන රටක් හදන්න නිර්භීත පියවර ගණනාවක් අපි ඉදිරියට තියලා තියෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(18 ) දින පැවැසීය.

සිය ජන්ම දිනය යෙදුණු අද දිනයේ කැලණිය දකුණ ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියරේ ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

තමන් ඇතුළු සිය රජය වැඩ කරනුයේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැන දින ගැනලා මිස ආණ්ඩුවේ දින ගණන බලලා නෙමෙයි යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව අපේ රටේ සියලුම ජනතාවට සුරක්ෂිත පානිය ජලය ලබාගැනීම 2024 වසරවනවිට සපුරා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

ආණ්ඩුව අතීතයට දොස් කියමින් අඬඅඬා නොසිටි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ගෙවුණ වසරක කාලය තුළ සතුරන් දිහා නොබලා, අපගේ ශක්තිය සහ ධෛර්යය දෙස බලමින් කටයුතු කළ බව කියා සිටියේය.
ආණ්ඩුවට දැන් දෙපැත්තක වගකීමක් ඉතිරිවෙලා තියෙනවා. එකක් තමයි 2015න් පස්සේ බිඳදාපු රට ආයේ ගොඩනඟන එක. අනෙක් වගකීම ලෝකයටම මුහුණදෙන්න සිද්ධවෙලා තිබෙන කොවිඩ් -19 අර්බුදයට මුහුණදෙමින් මේ රට ඉදිරියට ගෙනයෑම යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්