නවතම පුවත්

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා එන්නත් මිලදී ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු වෙනුවෙන් මෙරටට ඩොලර් මිලියන 150ක ණයක් ලබාදීමට  ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇත .

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා අතර ඊටේ අදාළ මූලික ගිවිසුම් සඳහා  ඊයේ (09) අත්සන් තැබිණ .

එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම,එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම,ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය අරමුදල් යෙදවිමට නියමිතව ඇත.

ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 84ක් සහ නිත්‍ය දේශීය ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 66ක් ලෙස එම ණය මුදල සමන්විත වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්