නවතම පුවත්

කොරා්නා සමයේ ලෝක ධනවතුන්ගේ ආදයම ඉහළ ගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය ප්‍රබලව ව්‍යාප්තවූ මෙම වසරේ මැද භාගය තුලදී ලෝක ධනවතුන්ගේ අදායම හා වත්කම් කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බව ස්විස් බැංකු වාර්තාවක් අනාවරණය කර සිටී .

කොරෝනා අර්බුදයේ උච්චතම කාලය වන අප්‍රේල් සිට ජූලි යන කාලවකවානුව තුළ ලොව ධනවත්ම පුද්ගලයින් රැසකගේම වත්කම් 27.5%කින් ඉහළ ගොස් ඇති බව මෙම බැංකු වාර්තාව හරහා අනාවරණය වන බව ලන්ඩන් ගාඩියන් පුවත් පත සඳහන් කර ඇත.

ඒ අනුව ලොව බිලියනපතීන් කොරෝනා වයිරස වසංගතය සමයේ “ඉතා ම හොඳින් ආදායම් උපයා‘‘ ඇති අතර
මේ අනුව ඔවුන්ගේ සුවිශාල ධනස්කන්ධය වසංගතය අතරවාරයේදී වාර්තාගත ට්‍රිලියන 10.2 ක් දක්වා වර්ධනය වී ඇති බවද පුවත් පත පෙන්වාදෙ .

2017 අග භාගයේදේ ලොව බිලියනපතියන් සතුව පැවතියේ ට්‍රිලියන 8.9ක වත්කමකි , එසේම . 2017 වසරේදී ලෝකයේ බිලියනපතීන් සංඛ්‍යාව 2,158 ලෙස වාර්තා වුවද එය මේ වනවිට 2,189 දක්වා ඉහළ ගොස් තිබේ.

බිලියනපතීන්ට මෙසේ කොවිඩ් අර්බුදයෙන් ලාභ ලබන්නට හැකිවූයේ ලොව පුරා කොටස් වෙළඳපොළ කඩා වැටෙන විට ඒ කොටස් මිල දී ගන්නට ඔවුන්ට හැකියාව තිබූ නිසා බවත් , මේ වනවිට යලි එම කොටස් මිල ඉහල යමින් පැවතීම හේතුවෙන් ඔවුන් අධික ලාභ ලබන බවත් පුවත්පත් පෙනවාදේ .

ලෝකයේ සිටින අංක 1 කෝටිපතියා වන්නේ ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොස් (Jeff Bezos) ගේ ධනස්කන්ධය මේ වසර තුළදී පමණක් ඩොලර් බිලියන 74 කින් වැඩි වී තිබේ. එයට හේතු වී තිබෙන්නේ මුළු ලෝකයම ඔන්ලයින් වෙළඳපොළ වෙත කෝවිඩ් වසංගතයත් සමග යොමු වෙද්දී ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යාමය.

ටෙස්ලා සමාගමේ අධිපති එලන් මස්ක් ද සිය ධනස්කන්ධයෙන් වැඩිම කොටසක් උපයා තිබෙන්නේ මේ වසරේදී ය. ඒ අනුව ඔහුගේ ධනස්කන්ධය ඩො.බිලියන 76 සිට ඩො. බිලියන 103 දක්වා මේ වන විට වැඩි වී තිබේ.

කොරෝනා සමයේ මෙම ධනවතුන් තම ධනය වැඩිකරගත් අන්දම පිළිබඳව තවත් උදාහරණ රාශියක් ගාඩියන් පුවත් පත සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්