නවතම පුවත්

මී උණ රෝගීන් වැඩිම පිරිස රත්නපුරයෙන් වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මී උණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සබරගමු පළාත් වසංගත රෝග මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ද මීඋණ රෝගීන් තිදෙනෙක් වාර්තාවු බවද මෙහිදී අණාවරණය විය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප‍්‍රධානත්වයෙන් රත්නපුර නව නගරයේ පළාත් සභා ශ‍්‍රවනාගරයේදී මෙම කමිටුව රැස්විම  පැවැත්විනි.

එහිදී මීඋණ රෝග පැතිරීම සම්බන්‍ධයෙන් කරුණු දැක්වු රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසුවේ මේ වසරේ මුල් මාස දහයේ දත්ත අනුව මී උණ බවට සැකකාර පුද්ගලයින් 1,344ක් වාර්තා වූ බවයි.

ඔවුන් අතරින් මෙම ආසාදිතයන් 986 දෙනා හමුව ඇති බවද කීවේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 19 අතරින් වැඩිම මීඋණ රෝගීන් ප‍්‍රමාණය වූ 158ක් වාර්තා වෙන්නේ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව ද වෛද්‍ය කෝණාර මහතා සදහන් කළේය.

ඊට අමතරව සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස  වු අයගම 11, බළන්ගොඩ 69, ඇහැළියගොඩ 91, ඇලපාත 63, ඇඹිලිපිටිය 27, ගොඩකවෙල 20, ඉඹුල්පේ 34, කහවත්ත 19, කලවාන 81, කිරිඇල්ල 23, කොලොන්න 56,  ඕපනායක 19, නිවිතිගල 64, පැල්මඩුල්ල 94, රත්නපුර ප‍්‍රාදේශීය සභා කොට්ඨාසය 90, රත්නපුර නගර සභා කොට්ඨාසය 28, වැලිගෙපොල 15, උඩවළව 24ක් ලෙස මීඋණ ආසාදිතයන් වාර්තාවී ඇති බව කීවේය.

ඉහත දත්ත අනුව මී උණ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවට විශාල තර්ජනයක් බවත් එම තත්ත්වයෙන් වළක්වා ගැනීමට හැකි හැම උත්සාහයක්ම ගන්නා බවද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා මෙහිදී අවධාරණය කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්