නවතම පුවත්

කොරියාවේ රැකියා සදහා පිටත්වීමට බලාපොරොත්තු වෙනවා නම් මේ උපදෙස් පිලිපදින්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු කොරියාවේ විදේශ රැකියා සඳහා නැවත පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇත.

එම උපදෙස් මාලාව පහත දැක්වේ .

* කොරියාවේ රැකියා ස්ථානවලින් නිවාඩු ලබා ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත එම ස්ථානයෙහිම රැකියා සඳහා පිටත්වන විට තමන්ගේ සේවා ස්ථානයේ සේවා යෝජකයා විසින් කොරියාවේදි නිරෝධායනය සිදුකරන වගකිම ගනුලබන බවට සඳහන් සහතිකයක් ලබා ගත යුතුය.

* මෙම සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරමය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලබාගෙන එය නිසිපරිදි පුරවා EPS මධ්‍යස්ථායට යොමුකළ යුතය.

* එසේ EPS මධ්‍යස්ථානය වෙත ලැබෙන පෝරමය, කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව නැවත කාර්යාංශය වෙත එවනු ලැබේ. එම තහවුරු ලිපිය ශ්‍රි ලංකාවේ පිහිටි කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය (HRD) ,EPS මගින් නැවත අනුමත කොට අදාළ රැකියා ලාභියාගේ Email ලිපිනයට යොමුකරනු ලැබේ. මෙම අනුමැති ලිපිය ගුවන්තොටුපළ වෙත යාමේදී ලඟ තබාගැනීම අනිවාර්ය වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියට අවශ්‍ය ලියකියවිලි සම්බන්ධයෙන් ද මෙහිදී එම ආයතනය අදාළ ශ්‍රමිකයින් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ නුව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතන (HRD) මධ්‍යස්ථානය විසින් අදාළ ශ්‍රමිකයාගේ Email ලිපිනය වෙත ලැබුන ඉහත සදහන් තහවුරු කිරිමේ ලිපියේ පිටපත් ඉදිරිපත් කළ යුතුය. ගමන් බලපත්‍රයේ ජායාරුපය සහිත පිටුවේ පිටපතක්, විසා බලපත්‍රයේ පිටපතක් සහ කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තුව රු 3456.00ක් ගෙවිය යුතුය.

එමෙන්ම ගුවන් තොටුපලට යැමේදී ඉහත තහවුරු කිරිමේ ලිපියේ පිටපතක්, ගමන් බලපත්‍රයේ පිටපත් දෙකක් සහ නැවත කොරියාවට ඇතුළුවීමේ වීසා කාඩ්පත (Re-entry Alien Card) අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක කරන බවත් මේ පිළිබඳ වැඩිවිස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් ලබා ගත හැක

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්