නවතම පුවත්

කොරෝනා පාලනයට ශ්‍රී ලංකා යුද හමුදාව දුන් සහය ඉන්දියාවත් අගය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘කොවිඩ්-19’ කළමනාකරණයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව කළ කාර්යභාරය නිල වශයෙන් අගය කළ යුතු යැයි ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද (13) පැවැසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා සිවු දින නිල සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණියේ ය.

ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා, පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (13) සංචාරයක නිරත විය.

එහිදි සම්ප්‍රදායනුකූල වර්ණවත් කඳවුරු සම්මාන සහ සම්මාන ආචාර මුරයක් ඉන්දීය යුද හමුදා මාණ්ඩාලික ප්‍රධානියා වෙත පිරිනැමිණි.

ඉන් අනතුරුව යුද හමුදාපති කාර්යාලයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහත්වරුන් අතර සාකච්ඡා පැවැත්වුණු අතර සාකච්ඡාවලින් අනතුරුව සමරු හුවමාරු කරගැනීමක් ද සිදුවිය.

ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම සංචාරය අතරතුර දී අනුරාධපුරයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ශ්‍රී මහා බෝධිය ඇතුළු තවත් ආගමික ස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට ද නියමිත ව ඇත.

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නාරාවනේ මහතාගේ නිල සංචාරයේදී සාලියපුරා පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරය සඳහා සහභාගී වීමට නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්