නවතම පුවත්

ඉන්දියානු වෛද්‍යවරු 196 ක් කොරෝනාවට බිලිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසයට ගෙදුරුවීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව ඉන්දියානු වෛද්‍ය සංගමය පවසයි. ඉන්දියානු වෛද්‍ය සංගමය උපුටමින් The Hindu වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කරයි

අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර පෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති තිබූ අතර, එය මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව විය.

එමෙන්ම අඛණ්ඩව ආසාදිතයන් 60,000 ඉක්මවූ තුන්වැනි දිනය ලෙසද සටහන් විය. මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,153,010ක් ලෙස සටහන් විය.

එසේම එදින ඉන්දියාවේ මරණ 861ක් වාර්තා වූ අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 43,379ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ දකුණු ඉන්දියානු හෝටලයක ඊයේ (09දා) ඇති වූ ගින්නකින් වෛරසය ආසාදිතව සිටි 10 දෙනෙකු මියගොස්, තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්