නවතම පුවත්

වික්ටොරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත ගණන ඉහළ යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය පැය 24 තුල ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයන් 322 දෙනෙකු වාර්තා වී තිබේ.

එරට දෙවැනි වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ලෙස සැලකෙන වික්ටෝරියා ප්‍රාන්තය තුළ එම දිනය තුළ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 19ක්ද සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලෙන් බැටකන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයේ මේ වනවිට දැඩි සීමාවන් පනවා තිබේ.

එහි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට වෙළෙඳ සැලකට යාමට අවසර ලැබී ඇත්තේද එක් අයෙකුට පමණි.

මෙවැනි දැඩි නීතිරීති මධ්‍යයේ පවා එරට ආසාදිතයන්ගේ වැඩිවීම, වෛරසය සම්බන්ධයෙන් අවධානය අඩුකර නොගෙන කටයුතු කිරීමට වඩාත් හොඳ පණිවුඩයක් බවත්, මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි සෞඛ්‍ය පුරුදු අත්නොහැරීමට අවධාරණය කෙරෙන්නක් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්