නවතම පුවත්

කොරෝනාවෙන් පරිසරයටත් බලපෑම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගත ව්‍යාප්තිය තුළ එක්රැස්වූ ටොන් දහස් ගණනක සායනික අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවක් උද්ගත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අවිධිමත්ව කසළ බැහැර කළ ස්ථාන ආශ්‍රිතව වෙසෙන පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ටද ඉන් වැඩි බලපෑම් එල්ල වියහැකි බව එම සංවිධානය පෙන්වාදෙයි.

ඉවත දමන සිරින්ජර, භාවිතා කරන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටල සහ එන්නත් බෝතල් වැනි අපද්‍රව්‍ය ටොන් දහස් ගණනක් ලොව පුරා ගොඩගැසී ඇති බවත් ඒවා මහජන සෞඛ්‍යයට මෙන්ම පරිසරයට දැඩි තර්ජනයක් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ අපද්‍රව්‍ය නිසා සෞඛ්‍ය සේවකයන් විෂබීජ හේතුවෙන් පැතිර යන රෝගවලට ගොදුරුවීම, එන්නත් කටු ඇනීමේන් තුවාල සිදුවීම වැනි අවදානම්වලට මුහුණපා සිටින බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

නිසි කළමනාකරණයක් නොමැති කසළ බැහැර කරන ස්ථාන ආසන්නයේ වෙසෙන ජනතාවත් කසළ දහනය කිරීමේදී නිකුත් වන විෂ වායු සහ ජලයට විෂ එක්වීමෙන් රෝගාබාධවලට ගොදුරු විය හැකි බව මේ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව ආරක්ෂිත ඇඳුම් කට්ටල නැවත භාවිතා කළ හැකි හෝ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිපදවීම, ප්ලාස්ටික් බහාලුම් අවම කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් වෛද්‍ය අපද්‍රව්‍ය ගොඩගැසීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්