නවතම පුවත්

කොරෝනාවෙන් පීඩාවට පත් රුසියාවේ ශ්‍රි ලාංකේය සිසුන්ට වෛද්‍ය සමන් වීරසිංහ පිහිට වෙයි

අසංක

අසංක

ලොවම අණසකට ගත් කොරෝනා (කොව්ඩ්-19) වසංගතය හේතුවෙන් රුසියානු ජන ජීවිතයටද මේ වනවිට බලපෑම් එල්ල වී තිබේ.

රුසියාවේ මේ වනවිට (අප්‍රේල් 25) කොවිඩ්-19 අසාධිතයන් 74588 වාර්තා වී ඇති අතර, 681 දෙනෙකු මියගොස් ඇත.

මෙම තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට පත්ව සිටින රුසියාවේ ශ්‍රි ලාංකේය සිසුන් වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංගමය සහ කොළඹ රුසියානු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය, සමග එක්ව ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් සහ රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අසරණ වු රුසියානු සමූහාණ්ඩුවේ ඉගෙනුම ලබන ශ්‍රි ලාංකේය සිසුන්ට අත්‍යවශ්‍ය ආහාර හා සනීපාරක්ෂක, ඖෂධ ආධාර සැපයීමට කටයුතු කර ඇත.

එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංගමය අදාල අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, මොස්කව් පිහිටි මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ සහ රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ (2 වන මොස්කව් ප්‍රාන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලය) ඉගෙනුම ලබන සිසුන්ට ලබා දී තිබේ.

මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබා දී තිබෙන සිසුන් 145 දෙනෙකුගේ ලැයිස්තුවට අදාල ප්‍රදානයන්ද මෙයට අමතරව සිදුවේ. අනතුරුව අනෙකුත් නගරවල සිටින සිසුන් අතර බෙදා හැරීමට තවත් සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුඛ ආවරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සුදානම් කර ඇත.

කිසියම් සිසුවෙකුට ආධාර අවශ්‍ය නම්, හැකි සෑම ආකාරයකින්ම අත දීමට මෙම උත්සාහය ක්‍රියාත්මකය. ඒ අනුව ආධාර ඇවැසි සිසුන්ට මොස්කව්හි ව්‍යාපෘති සම්බන්ධීකාරක, නිලන්ත මහතා +79260359119,අධ්‍යාපන හා මහජන සම්බන්ධතා නිලධාරී, කොළඹ රුසියානු මධ්‍යස්ථානය +94 71 020 6326 අංකයෙන් ඇමතුම්, WhatsApp හෝ Viber ලෙස ලබාගෙන හෝ විද්‍යුත් තැපෑල: [email protected] දන්වා අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාත්මක කරවා ගත හැකි වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි