නවතම පුවත්

කොරෝනා පරීක්ෂණ කරන්න සරසවි 3ක රසායනාගාර සූදානමින්

අසංක

අසංක

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03ක රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාමට ඉල්ලුම් කර ඇත.

කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වාදෙයි.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරට පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

එහිදී දිනකට පී.සී.ආර්.පරීක්ෂණ දහසක් පමණ සිදුකිරීමට සැලසුම් කෙරේ.

ඊයේ පස්වරු 5.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයින පුරා පී.සි.ආර්.පරීක්ෂණ 1075ක් සිදුකර ඇත.

පී.සි.ආර්.පරීක්ෂණ කිරීමේ දැනට පවතින උපරිම ධාරිතාව 1200කි.

අවශ්‍යතාව මත එය ක්‍රමයෙන් ඉහළ නංවන බවයි ඔහු සදහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි