කොරෝනාවේ මුල සොයන්න සහය දෙන්න – ඇමෙරිකාව චීනයට කියයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන පරීක්ෂණයේ දෙවන අධියර සදහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඇමෙරිකාව  යළිත් චීනය වෙත අවධාරණය කරඇත .

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෙන් පාස්කි සදහන් කර ඇත්තේ ඇමරිකාව මෙම ඉල්ලීම සිදුකරන්නේ යළිත් ⁣මෙවැනි වසංගත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා බවය.

කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකෙරන පරීක්ෂණයේ දෙවන අධියර නුදුරැ දිනවලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත

ඒ යටතේ රෝගය මුලින්ම වාර්තා වූ වුහාන් නගරය කේන්ද්‍ර කරගත් දත්ත සහ පළමු වටයේ ආසාදිතයන් පිළිබද දත්ත ලබාදෙන ලෙස චීනය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා එයට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැත

අදාළ දත්ත සම්පූර්ණයෙන්ම හුවමාරැ කර ගැනීම පුද්ගලිකත්වයට ගැටලු ඇති කරන බවත් , මෙි වනවිටත් විද්‍යාව මගින් මෙම ගැටලුව විසදා ඇති බවත් චීන විශේෂඥයන්ගේ අදහසවී ඇත .

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකානු ඇතුළු රටවල් ගණනාවක් ද මෙම පරීක්ෂණය සදහා සහය දෙන්නැයි නැවත නැවතත් චීනය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටී ..

මෙි පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් ධවල මන්දිරය මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ චීනයේ හැසිරීම,වගකීම් විරහිත සහ භයානක එකක් බවය