නවතම පුවත්

කොරෝනාවේ මුල හොයන පර්යේෂණ චීනයේ රසායනාගාර- වෙ‍‍ළෙඳපලවල් ඇතුළටත්

අසංක

අසංක

කොරෝනා වයිරසයේ සුලමුල සොයායන දෙවන අදියරේ පර්යේෂණවලදී චීනයේ වූහාන්හි රසායනාගාර සහ වෙළඳපලවල් විගණනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් නිවේදනය කර තිබේ.

එමෙන්ම දෙවන අදියරේ අධ්‍යයනයේදී බලධාරීන්ගේ විනිවිදභාවය ද ඉල්ලා සිටින බව එම සංවිධානය විසින් සාමාජික රටවලට කියාසිටියේය.

දෙවන අදියරේ විමර්ශන සඳහා වූහාන්හි තොග වෙළෙඳපොළවල්, වූහාන්හි මිනිසුන්, වන ජීවීන් සහ සත්ව වෙළඳපොලවල් අධ්‍යයනය කිරීම අවශ්‍ය වනු ඇතැයි ‍එහිදී සඳහන් කර තිබේ.

චීනයේ COVID-19 ව්‍යාප්ත වූ පළමු දිනවල මූලික දත්ත නොමැතිකම හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වන බව ඔහු අවධාරණය කර ඇත.

2019 දෙසැම්බරයේ හඳුනාගත් මූලික සිද්ධි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අදාළ රසායනාගාර සහ පර්යේෂණ ආයතනවල විගණනයන් ද අවශ්‍ය වන බවට එඑහිදී අවධාරණය කර ඇත.

“මෙම වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම දේශපාලනයෙන් මුළුමනින්ම නිදහස්ව තබා ගත යුතු විද්‍යාත්මක අභ්‍යාසයකි. එය සිදුවීමට නම්, අදාළ සියලු දත්ත විනිවිදභාවයකින් යුතුව බෙදාගැනීමෙන් චීනය මෙම විද්‍යාත්මක ක්‍රියාවලියේ මීළඟ අදියර සඳහා සහාය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” යැයි ද ‍ලෝක සෞඛ්‍ය සංවිධානයෙ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්