නවතම පුවත්

කොරෝනා අතරෙ ගාල්ලට මුඛ ආවරණයකින් මනුස්සකම බෙදන Covid19 Relief – Galle කණ්ඩායම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

Ø කාරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයට
Ø මහමෝදර රෝහලට
Ø ගාල්ල මහ නගර සභාවට
Ø නාවික හමුදාවටත් මුඛ ආවරණ දෙන්නෙ ඔවුන්


සමාජ මාධ්‍ය ජාල කොතරම්නම් මනුස්සකම වැපරීමේ කටයුතුවලට යොදා ගත හැකිද යන්නට ආසන්නම උදාහරණය හමුවන්නෙ ගාල්ලෙ Covid19 Relief – Galle කණ්ඩායමෙන්. මුහුණ පොත (Facebook) ඔස්සේ ආරම්භ කළ Covid19 Relief – Galle කණ්ඩායම නිර්මාණය වන්නේ කලණ වික්‍රමසිංහගෙ ආරම්භයෙනි. ඊට මුලික උත්තේජනය ලබා දුන්නේ ‌රොමේෂ් නලින්දය.


ඉතා කෙටි කලක් තුළ සමාජ අවශ්‍යතාව තේරුම් ගනිමින් Covid19 Relief – Galle කණ්ඩායම ෆේස්බුක් සමාජ ජාලය ඇසුරු කරන මිතුරු මිතුරියන් පිරිසක් එක්ව තිබේ. ඒ මෙවැනි වසංගතය අවස්ථාවක ඔවුන්ට හැකි අයුරින් ජනතාවට සේවය කිරීමේ අරමුණ ඇතිවය.


මුඛ ආවරණ (Mask) ඔවුන්ගේ ව්‍යාපෘතිය බවට පෙරලෙන්නේ ඒ වනවිටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා අත්‍යවශ්‍ය්‍ය සේවා කටයුතුවලට නිරතවන පුද්ගලයන්ට මුඛ ආවරණ හිගයක් ඇති බවට පැතිරයමින් තිබු ප්‍රචාරය නිසාය. ඇදිරි නීතය බාධාවක් නොකර මොවුන්ගේ මෙම වෑයමට බොහෝ පිරිසක් ඒක රාශි වී සිය හැකි උදව් උපකාර මුදලින්ද ශ්‍රමයෙන්ද ලබා දී තිබේ.
කල දුටු කල වල ඉස නොගන්නා ව්‍යාපාරික ප්‍රජාව අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු මිලට හා ප්‍රදානයන් ලෙසද මෙම කණ්ඩායමට ලබා දීම විශේෂත්වයකි. සමාජ ජාල කණ්ඩායම ඔස්සේම සිදුවන කථිකාවත ඔස්සේ මුදල් ආධාර ලබා ගැනීම, කණ්ඩායමේ සාමාජිකයන් විසින්ම රෙදි ඇතුළු අවශ්‍ය අමු ද්‍රව්‍ය මිලදීගැනී මෙන්ම සෙයා යෑම, ස්වෙච්ඡාවෙන් මුඛ ආවරණ මසා දීමට කැමැති ප්‍රජාවට ඒවා නිවස්වලටම ගොස් භාරදී නැවත නිෂ්පාදනය ඒකතු කර ගැනීම සහ අවශ්‍යතාව අනුව ඒ ඒ ආයතන සහ ජනතාවට ඒවා බෙදා දීම සිදුකරන්නෙ මෙම කණ්ඩායම ඔස්සේ වීම කැපී පෙනෙන සිදුවීමකි.
සංගීත ආචාර්වරයකු සහ සමාජ සේවකයකු ලෙස ප්‍රකට රෝයි පරණවිතාන (රෝයි සර්) මෙම කණ්ඩායමේ සුවිශේෂි සමාජිකයෙකි.


දැන් දවස් පහ හයකට කලින් කලණ මට කතා කළා. ඒ වෙනකොට මෙම කණ්ඩායමට කලණගෙ මිතුරුන් කිහිප දෙනෙක් එකතුවෙලා හිටියා. මමත් මේ සත් කාර්යට දායක වෙන්න කියලා දෙවරක් හිතුවේ නැහැ. අපි සංවිධානය වුණා. ඒ සදහා මුදලින්, ශ්‍රමයෙන් මෙන්ම වචනයෙන් දායක වුණු විශාල පිරිසක් ඉන්නවා. කලණලා අවශ්‍ය ප්‍රතිපාදන පැත්ත බලාගන්න කොට ඉන්දු ලියනගේ ඇතුළු අය අමුද්‍රව්‍ය මිලදී ගැනීම හා බෙදා හැරීම බලා ගන්නවා, මම හරිෂ් ඇතුළු අය අවශ්‍ය තැන්වලට බෙදා දීමට කටයුතු කරනවා. තැන් 10ක ස්වෙච්ඡාවෙන් මුඛ ආවරණ මහලා දෙන්න ඉදිරිපත්වුණු මනුස්සකම් පිරුණු ජනතාවක් ඉන්නවා. අද උදෙත් ජාතික පාසලක විදුහල්පතිනියක් කතා කොට මුඛ ආවරණ 500 මහලා දෙන්න භාර ගත්තා යැයි රෝයි පරණවිතාන මහතා පැවැසීය.


අනෙක් කාරණය රෑ නිදි නොලබා ඔවුන් මෙම කාර්යේ නිරතවීමයි. අදාල මුහුණු පොතේ කණ්ඩායම මෙම කාර්ය මහන්සිය නිවා ගන්නේ කණ්ඩායම අතර විනෝදාස්මක දෙබස්වලිනි. මුඛ ආවරණ යැයි කීවාට එහි නිෂ්පාදන ප්‍රමිතියේ ඉහළම අවස්ථාව දක්වාම එය දියුණු කර ගැනීමට මෙම කණ්ඩායම සමත්වීම තවත් සුවිශේෂි ජයග්‍රහණයකි.


කරාපිටිය රෝහලේ සේවක මඩුල්ලට, මහ මෝදර රෝහලට, නාවික හමුදාවේ දක්ෂිණ විධාන මුලස්ථානයේ නාවික හමුදා සමාජිකයන්ට, මහ නගර සභාවේ සේවකයන්ට මොවුන් දැනටමත් ඔවුන්ගේ නිෂ්පාදනය බෙදා හරිමින් සිටියි.


දැන් මේකෙ කතා නායකයා ගැනත් යමක් පැවැසිය යුතුයි. කලණ වික්‍රමසිංහ සමාජ මාධ්‍ය තුළ වෙනම අදහස් දරන්නෙක්. ඔහු සමග අප එකග නොවන අවස්ථා කොතෙකුත් ඇති. නමුත් සමාජයේ විවෘත අදහස් බෙදාගන්න ඔහුත් ඔහුගෙ මිතුරනුත් තරම් පිරිසක් තවත් නැති තරම්. මේ හැමටම වඩා මොවුන් ගැන අනෙක් සමාජ ජාල ඇසුරුකරන්නන්ට තිබෙන විශ්වාසයත් හරිම අපූරුයි.
ගාල්ල වෙනස්, දකුණ වෙනම එකක් කියලා අර සමාජ ජාලවල පෝස්ට් දකිනවානේ…… ඒවට එකග නොවන පිරිසට මේ වගේ කාර්ය තවත් වෙනම එකක් වෙනවාට සැක නැහැ. ඔවුන් ඉදිරියේදී දෛනිකව මුඛ ආවරණ 10000ක් තරම් ගණනක් නිෂ්පාදනය කරන තැනට සුදානම්. ඒ විතරක් නෙමෙයි ඉහත ආයතනවල දෛනික අවශ්‍යතා සපුරන්නත්, ගාල්ල අවට මාතෘ නිවාස සායනවලට සහභාගිවන ගැබිනි මවුවරුන් හා ඊට සම්බන්ධවන කාර්ය මණ්ඩලවලට මෙම මුඛ ආවරණ බෙදා දීමටත් සුදානම්.


මේ වගේ කණ්ඩායම් රැසක් ඇති. මේ වෙලාවේ සාමාජ ජාල මට්ටමෙන් සමාජයේ අවශ්‍යතා සපුරණ. ඔබ කරන සද් කාර්ය කෙටියෙන් අපට කියන්න. www.thecolomboexpress.com ඔබගේ ඒ කාර්යට වටිනාකමක් දෙන්න සුදානම්. ඒ ප්‍රසිද්ධිය අවශ්‍ය නැති මෙවැනි දේ මනුස්සකම් බෝ කරන අවියක් බවට පත්කරගැනීමේ අවශ්‍යතාව උදෙසා පමණයි.


ඔබටත් හැකිනම් ඔවුන්ට උදව්වක් වෙන්න……….
Covid19 Relief – Galle කණ්ඩායමට සුබ පැතුම් !
අවසානය, මේ ඊයේ රාත්‍රියේ කලණ වික්‍රමසිංහ Covid19 Relief – Galle දාලා තිබුණු පණිවුඩයකි.
මිත්‍රවරුනි , අන්තර්ජාලය ලබාදුන් දැඩි වේදනාවකින් පසු මා ඔබ අමතමි.

සියලු දෙනාගෙන් අවසරයි..

දැං අපේ ප්‍රඩක්ශන් එක ටික ටික අවුට් වෙමින් තියෙනව.හිතන තරම් ලේසි නැහැ ස්පීඩ් කරන්න.මොකද මේක කරන්නං වාලේ කරන වැඩක් නොවෙන නිසා.

මේක ඩබල් ලේයර් එකකින් , සර්වියට් පේපර් එකක්හෝ ස්පොන්ජ් පටියක් ඇතුලට දාන්න පුලුවන් ක්‍රමේට මැහෙන නිසා.

කියන්න සතුටුයි ඔබේ සියලු ශක්තිය එක්ක අදත් පාරට බැස්සෙ ඉන්දු සහෝදරී එක්ක රෝයි සර්.

හෙට වෙද්දි අපි ඊයෙ කට් කරපු මාස්ක් 5000 ඉවර කරන්න උපරිම ට්‍රයි කරනව වගේම අද ගත් 5000කට සෑහෙන්න ගත් ඒවයෙ නිමවුම් ගෙවීමක් කරල නිමවා ගන්න කතා කරමින් ඉන්නෙ.

මොකද අපිට තියෙන කාලය සීමිතයැයි ඉගියක් සිතේ කැකෑරෙමින් තියෙන නිසා.

වෙන්නෙ මොකක්දැයි කෙක්කෙක් දැනගත් මා මේක ලියන්නෙ ඔබේ හිත සුව පිනිසමයි.

එක්ව ගමනක් යා හැකියි. මේ සියල්ල රටට. මේ පිං සියල්ල ඔබ සැමට.

මහංසි වෙන ,උනන්දුවෙන් බලා ඉන්නා සේරම තවදුරටත් ඉන්න.මේ සටනේ පලමු කඩයිම විදියට ගනිපු මේ ඉලක්කය හෙට දිනයේ සම්පූර්න කරගන්නටයි උපරිම උත්සාහය.ශක්තිය දෙන්න මහංසි වෙන සැවොන්ටම විවේකයක් ගන්නට.

රොමා , ඉන්දු , රෝයි සර් ඇතුලු සියල්ලෝගෙන් ගත් ඕපදූපවල සාරාංශයක් විදියට මේක ලියල තියන්නට හිතුවෙ නිවී සැනසිල්ලේ ඔබට කියවන්නට.

මේක සුපිරිම ටීම් එකක්

එච්චරයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්