පාසල්යන වයසේ ළමයින් මල්ලව පොර ශූරයන් මෙන් සමාජ ජාලයේ වීඩියෝ, සහ සජීවී වැඩසටහන් ඔස්සේ පිහි මන්නා තබාගෙන එකිනෙකා කපන කොටන බවට ප්රකාශ කරන රැල්ලක් නිර්මාණය වී තිබේ. මෙම රැල්ල වැඩිහිටි සමාජ ජාල මෙහෙයවන්නන් විසින් හුදෙක් විනෝදය පිණිස බෙදා හරින බව බැලු බැල්මට පෙනී ගියද, එමගින් සමාජයේ කුඩා දරුවන් රැසකට මානසික රැල්ලක් නිර්මාණය වී ඇති බව ෆේස්බුක් පරිශීලකයෝ රැසක් ද කළම්බො එක්ස්ප්රස් වෙබ් අඩවියට ප්රකාශ කළහ.
අදාල තත්ත්වය මත බටහිර රටවල මෙන් පාසල්තුළ ඇන කොටාගන්නා අනතුරක සේයා මතුවී තිබෙන බව ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, පොලිස්පතිතුමා වහා දැනුවත්වී පියවරක් ගත යුතු බව මානසික රෝග පිළිබද වෛදවරුන්ගේ අදහස වී තිබේ.
ද කළම්බො එක්ස්ප්රස් වෙබ් අඩවිය පාතාලය පිළිබද විස්තර වාර්තා නොකරන වෙබ් අඩවියක් නිසා, මෙම සිගිති පාතාලය යනුවෙන් ප්රසිද්ධව සිටින දරුවන්ගේ නම් ගම් හෝ එම අනුවර්ත නාම ප්රසිද්ධ කිරීමෙන් වැළකෙයි.