කොරෝනා ආවේ සතුන්ගෙන් – ව්‍යාප්ත වුණේ වූහාන් මස් කඩවලින් – WHO යළි තහවුරු කරයි

Picture of අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වී ඇති බව , ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකල විමර්ශනයකින් නැවත වරක් තහවුරු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ කොවිඩ් ව්‍යාප්තිය හා වසංගතයේ ආරම්භය පිළිබඳව සිදුකල මූලික විමර්ශනය මේ වනවිට අවසන්වී ඇති අතර , එහි වාර්තාවද මේ වනවිට නිකුත්වී ඇත.

මෙම වෛරසය මිනිසා විසින් නිපදවූ වෛරසයක් නොවන බවත් මෙම විමර්ශන වාර්තාවේ පැහැදිලිවම දක්වා ඇත.

එසේම චීයේ වූහාන්හි සත්ව මාංශ අලෙවි සල් හරහා මෙම වෛරස ව්‍යාප්තිය ආරම්භවී ඇති බවද වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ තොරතුරු ඉදිරියේදී වැඩිදුරටත් විස්තර කර දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥවරුන් කටයුතු සැලසුම් කර ඇත