නවතම පුවත්

කොරෝනා ආසාධිතයකු ඇසුරුකළ ධීවරයා නාවික මෙහෙයුමකින් ගොඩබිමට

අසංක

අසංක

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කොට ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු සහ ඔහු ගමන්ගත් ධීවර යාත්‍රාවත් තවත් සැක යාත්‍රා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව අද (29) කටයුතු කර ඇත.


කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඇසුරු කල නිරෝධායන කටයුතු සඳහා යොමු කල යුතුව ඇති පුද්ගලයෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් හොර රහසේ නැවතත් ගොඩබිමට පැමිණීමට උත්සහ දරණ බවට ත්‍රිකුණාමලය පොලීසිය විසින් නාවික හමුදාව වෙත සිදු කළ දැනුම් දීමකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාව සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.


පසුව අදාල පුද්ගලයා ගමන්ගත් යාත්‍රාව සහ සැක පිට තවත් යාත්‍රා දෙකක් සමඟ එම යාත්‍රාවන්ගේ ගමන් ගත් පුද්ගලයින් දහ දෙනෙකු (10) ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව අද (29) අළුයම් කාලයේදී අදාල යාත්‍රාවන් තුන (03) ගොඩබිමට ගෙන්වා ඇත.
නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් සියළු ආරක්‍ෂක විවි විධාන අනුගමනය කරමින් එම යාත්‍රාවන්හි ගමන් ගත් පුද්ගලයින් හට මූලික රෝග ලක්‍ෂණ ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලද අතර, ඔවුන් ගමන් ගත් යාත්‍රාවන්ද නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණට ලක්කළේය.


මෙසේ නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙන්වා ගත් පුද්ගලයින් සියළු දෙනා සාම්පූර් නාවික හමුදා මැරීන් කඳවුරේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත පූර්ණ කාලීන නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්