නවතම පුවත්

යුරෝපය ගිනි ගනිද්දී වීනා වයන ස්වීඩනය

අසංක

අසංක

යුරෝපය පුරා වේගවත් ලෙස පැතිරෙමින් යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එම කලාපයේ රටවල් රැසක්ම දැඩි නීති රීති හා ක්‍රියාමර්ග දියත් කර ඇති නමුත් යුරෝපා කලාපයටම අයත් ස්වීඩනය පමණක් මේ වනවිට ඊට හාත්පසින්ම වෙනස් වූ පියවරයන් අනුගමනය කරමින් සිටින බවක් දක්නට ඇත.

ඒ අනුව ස්වීඩන් වැසියෝ මේ දිනවලත් , එළිමහන් වල විනෝද වෙමින් , අවන්හල් හා භෝජනාගාර වල සාදයන්ට පවා එක්වෙමින් සාමාන්‍ය පරිදි කාලය ගෙවමින් සිටිති .

කොරෝනා පාලනය සඳහා එරට තුල මේ වනවිට ක්‍රියාත්මක ක්‍රියාමාර්ග හා නීති රීති ඉතා අවම මට්ටමක පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ඇත.

ඒ අනුව එරට රාත්‍රී සමාජ ශාලා පවා තවමත් විවෘතව පවතින අතර සාමාන්‍ය ජනජීවිතයේ වෙනස් කම් සිදුව ඇත්තේ ඉතා අවම වශයෙනි .

එසේම වඩාත් වැදගත් කරුණ වන්නේ ස්වීඩන රජය මෙතරම් ලිහිල් පියවරයන් අනුගමනය කරමින් සිටින්නේ එරට කොරෝනා වෛරස ආසාධිතයින් 3500 ක් පමණ සිටින අවස්තාවක වීමය.

එරට මේ වනවිට මෙම වෛරසය හේතුවෙන් මියගිය ගණන 105කි

එරට රජය විසින් යම් අවවාද හා මගපෙන්වීම් රැසක් ජනතාව වෙත ලබාදී ඇති නමුත් දැඩි සීමා කිරීම් කිසිවක් ක්‍රියාවට නංවා නොමැත.

පනස් දෙනෙකුට වැඩියෙන් එක්රැස් වන හමු හා සාදා හා රැස්වීම් ආදිය තහනම් කිරීමට පමණක් මෙම සති අන්තයේදී එරට රජය විසින් නියෝග ලබාදුන් නමුත් නෘත්‍ය ශාලා හා කළාගාර පවා තවමත් විවෘතව ඇත.

රෝගීන් හා වයොවෘද පුද්ගලයින්ට නිවෙස් වල රැදී සිටින ලෙසටත් , නිතර අත් සෝදන ලෙසටත් , නිවසේ සිට හැකිතාක් රැකියාවේ කටයුතු කරන ලෙසටත් අනවශ්‍ය සංචාර වල නිරත නොවන ලෙසටත් රජය යම් මග පෙන්වීම් හා අවවාද ජනතාව වෙත නිකුත් කර ඇත. නමුත් එම අවවාද වලට අනුව ජනතාව කටයුතු කරනවාද යන්න සොයාබැලීමට පවා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත .

එරට අගමැති ස්ටෙෆාන් ලොෆ්වන් මහතා මෑතකදී මාධ්‍ය හරහා ජනතාව අමතමින් සඳහන් කර සිටියේ , මේ මූතේ කලබල නොවී , කට කතා ප්‍රචාරය නොකර වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසයි.

සැමදෙනාම තමන් සතු වගකීම තේරුම් ගෙන කටයුතු කරන ලෙසද අගමැතිවරයා මෙහිදී පැවසීය .

ස්වීඩන් ජනතාවගෙන් බොහෝ පිරිසක්ද අගමැතිවරාගේ මෙම අදහස අනුමත කර ඇති බවත් බොහෝ දෙනෙකු රජයේ අවවාද නිවැරදිව ක්‍රියාත්මක කරමින් සිටින බවත් එරට මාධ්‍ය පවසයි.

එසේම දැඩි නීති රීති නොමැති වුවත් ස්වීඩන් ජනතාව රජය කෙරෙහි විශාල විශ්වාසයක් තබා ඇති බවත් ඒ අනුව වගකීමකින් යුතුව කටයුතු කිරීමට එම ජනතාව කටයුතු කරනු ඇති බවත් ස්වීඩන් මාධ්‍ය විශ්වාසය පළකර සිටී .

මේ තත්වය ගැන අදහස් දක්වමින් එරට කරෝලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේ අචාර්ය හා විශේෂඥ වෛද්‍ය එමා ෆාන්ස් පවසන්නේ මෙවැන්නකි .

“ස්වීඩන් රජය ජනතාව කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ට වගකීම භාරදී තිබෙනවා. . නමුත් මෙවැනි බරපතල අවස්තාවකදී , රටතුල ක්‍රියාත්මක මෙම ක්‍රමවේදය ඊට ගැලපෙනවාද යන්න සැකයක් . .

රජය ලබාදී ඇති සරල අවවාද ජනතාව පිළිපදිනවා . නමුත් එම අවවාද පමණක් මෙවැනි අවස්තාවක ප්‍රමාණවත් වන්නේ නැහැ. තවමත් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා, .කුඩා අලෙවි සලක සිට විශාල කර්මාන්තශාලා දක්වා ක්‍රියාත්මක වෙනවා , එය රටේ ආර්ථිකයට හොඳ දෙයක් නමුත් වෛරසය පාලනයට එය හොඳ පියවරක් යයි කියන්න බැහැ.

රජය හා අදාළ බලධාරීන් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදය කොපමන දුරකට නිවැරදිද යන්න ඉතිහාසය තීරණය කරාවි ඇතැම් විට මෙය ඉතා විනාශකාරී තීරණයක් වේවි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්