චීනයේ සහ රුසියාවේ නිෂ්පාදනය කල කොවිඩ් මර්දන එන්නත් මෙරටට ලබාගැනීම සඳහා දැනටමත් එම රාජ්‍යයන් දෙක සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .
ඒ අනුව ලබන පෙබරවාරි මස වන විට එම එන්නත් මෙරටට ගෙන්වීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා අප වෙබ් අඩවියට පැවසීය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .
“රුසියානු සහ චීන එන්නත් පිළිබඳවත් අපි කරුණු අධ්‍යයනය කරනවා. අපි මේ වෙනකොටත් චීන රජය සහ රුසියානු රජය සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව එන්නත ලබාගන්න පුළුවන් පළවෙනි අවස්ථාවෙදිම ඒක අපේ රටට ගෙන්වනවා . පෙබරවාරි දෙවනි සතිය වෙනකොට එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන්වලා ලබාදෙන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා “