නවතම පුවත්

කොරෝනා එන්නත   මෙරටට වැඩිපුර දෙන්න ජගත් සංවිධාන නියෝජිතයන්ගෙන් අගමැතිට සහතිකයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රි ලංකාවට සහතිකයක් දී තිබේ.
එහිදී නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයාට යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා සහතික විය.
 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (22) දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී මේ බව අඅවධාරණය කෙරිණි.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව සිටියහ.
රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර ශ්‍රි ලංකාවට මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍යවරයා සමග පැවැති මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතින්ගේ නියෝජිතයෝ අවධාරණය කළහ.
“මෙම අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව සිගර් මහත්මිය පැවසුවාය.
විශාල ප්‍රමාණයක් එන්නත් ලබා ගැනීමේදී ඒවා ලැබුණු වහාම එන්නත් කිරීම සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රි ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයෝ අතර මෙහිදී එකගතාවක් ඇතිවූහ.
“බොහෝ රටවල කොවිඩ්-19 හි භයානක දෙවන රැල්ලක් පෙනෙන්නට තිබෙනවා” යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත් ලබාදීම බව පෙනෙන්නට ඇතැයි කියා සිටියේය.
මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කොවිඩ්-19 ප්‍රවේශය වෙනුවෙන් ACT-Accelerator” නමින් ගෝලීය සහයෝගීතාවයක් ඇති කරන ලදි.
COVAX පහසුකම යටතේ කොවිඩ්-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් නිෂ්පාදනයට සමානව එන්නත් ලබාදීමේ ප්‍රවේශය වේගවත් කිරීම සඳහා ඊට සුදුසුකම්ලත් රටක ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් සඳහා එන්නත් මාත්‍රාවක් ලබා දෙනු ඇත. මුලදී ඉහළ අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලබාදීම සිදු වේ.
එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ටිම් සූටන් මහතා මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්කයා සිටියේය.
කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය, එන්නත ලබා ගත්තද ජනතාව  පූර්වාරක්ෂාකව සමාජගතව සිටිය යුතු බව අවධාරණය කළාය.
“එය තවමත් නව එන්නතක්,” යැයි කී වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය “එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි, නමුත් එය සම්ප්‍රේෂණය කොතරම් දුරට අඩු කරන්නේදැයි නොදන්නා බව කියා සිටියාය.
මෙම විශේෂ හමුවේදී අවධාරණය වූ ප්‍රධාන පණිවිඩය නම් එන්නත ලැබීමෙන් පසුව වුවද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බවයි.
මේ සම්බන්ධ අධ්‍යයනයන් අඛන්ඩව ක්‍රියාත්මක අතර එන්නත ඔස්සේ ලැබෙන ආරක්ෂාව කොපමණ කාලයක් වලංගුවනවාදැයි තවමත් නිශ්චිත නැති බව වෛද්‍යවරු පවසති. ඒ අනුව, එන්නත මඟින් වයිරසය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් කරයිද නැතහොත් වයිරසයේ බලපෑම අඩුකරනවාද යන්න තවමත් අවිනිශ්චිතය.
බලපෑම අඩුකිරීම පමණක් සිදුවේ නම් එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතියි.
එන්නත ලබා ගත් පසුවද මුව ආවරණයක් පැළඳීම, අත් සේදීම සහ ශරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මහජනයා දැඩිව සිහි තබාගත යුතුය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්