නවතම පුවත්

කොරෝනා කාලේ ප්‍රශ්න විසඳන්න ඔන්ලයින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් මතුවන විවිධාකාර ගැටලුවලට විසදුම් සෙවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවද ඇතුළු දකුණු ආසියානු රටවල් කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාලය හරහා නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කාර්යබද්ධ අධ්‍යාපනය සඳහාවූ ජාත්‍යන්තර ආයතනය (WIAL ) හා ආසියානු විවෘත අධ්‍යාපන ආයතනය එක්ව පියවර යොදා ඇත.

ඒ අනුව එම සම්මන්ත්‍රණ මාලාවේ පලමු වැඩසටහන මෙරට වේලාවෙන්හෙට (26) සවස 4.30 ට ආරම්භවීමට නියමිතය .

මේ සඳහා උනන්දුවක් දක්වන මෙරට ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා ලියාපදිංචිවී ඊට සහභාගිවිය හැකි බවද WIAL ආයතනය සඳහන් කර සිටී .

මෙම සම්මන්ත්‍රණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කාර්යබද්ධ අධ්‍යාපන පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ ඇමෙරිකානු ශාඛාවේ සභාපතිනී හා ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ කුලපතිනී බෙයා කාසන් මහත්මිය මෙසේ සඳහන් කර ඇත.

‘ කොරෝනා වසංගතය හේතුවෙන් , සෞඛ්‍යමය ගැටලුවලට අමතර වෙනත් විවිධාකාර ගැටළු රාශියකට මුහුණදීමට ලොව පුරා ජනතාවට සිදුවනවා . විශේෂයෙන්ම දියුණුවෙමින් පවතින රටවල ජනතාවට මෙම ප්‍රශ්න වඩාත් බරපතල ලෙස මතුවන්න පුළුවන් , එම ජනතාවට , මතුවන ගැටළු සඳහා විසදුම් සොයන අකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම අපගේ මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුනයි.

මෙහිදී අප කාර්ය බද්ධ අධ්‍යාපනය හෙවත් action learning නම් නවතම ක්‍රමවේදය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා .

මෙම වසංගතය සමග ආර්ථික ප්‍රශ්න , රැකියා අහිමිවීම , ව්‍යාපාර කඩාවැටීම මෙන්ම දුරස්ත්කරණය සමග මතුවන විවිධාකාර මානසික පීඩනයන් ආදී ගැටළු රැසක් ජනසමාජය තුල මතුවනවා.

තම දරුවාට අධ්‍යාපනය ලබාදීම , තම රාජකාරී කටයුතු නිවසේ සිට සිදුකරන අකාරය , දුරස්ත්කරණය සහිතව නව ජීවන රටාවකට හුරුවීම ඇතුළු ගැටළු රැසක්ද ජනතාවට මතුවෙනවා .

මේ සියලු අකාරයේ ගැටළු සඳහා නිවැරදි විසදුම් සොයා ගන්නා අකාරය කර්යබද්ධ අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ විස්තර කරදීමට අප කටයුතු කරනවා.

WIAL යනු ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක සුවිශේෂී අධ්‍යාපන ආයතනයකි .එසේම එම ආයතනය සම්භන්ධව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ආසියානු විවෘත අධ්‍යාපන ආයතනය (AOEI)
ආසියානු රටවල සිසුවියන්ගේ අධ්‍යාපනය නැංවීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන දුරස්ථ අධ්‍යාපන ආයතනයකි.

ලියාපදිංචි වීම

http://aoei.online/nextevent/

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්