නවතම පුවත්

කොරෝනා ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අරඹයි

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර පර්යේෂණයක් ආරම්භ කර ඇත.

එම පර්යේෂණය නෝර්වේ රාජ්‍යයේදී සිදුකෙරෙන අතර එරටදී හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් යොදාගනිමින් මෙය දියත්කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම ජාත්‍යන්තර පර්යේෂණය “සොලිඩරිටි” ලෙස හදුන්වාදී ඇති අතර ඒ යටතේ මේ වන විටත් ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ රෝහලකදී පළමු වරට කොවිඩ් -19 ආසාදිතයෙකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

නෝර්වේ හි පිහිටි රෝහල් 22 ක මෙම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී මීට පෙර ලෝකයේ ඇති වූ වසංගත තත්ත්වයන් හිදී භාවිතයට ගත් ඖෂධ අත්හදා බැලීම් කටයුතු සඳහා යොදා ගැනීමට ද නියමිතයි.

මෙහිදී කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන්ගේ පැවැත්ම, ප්‍රතිකාරවල ඵලදායීතාවය, රෝගීන්ට කොපමණ කාලයක් දැඩි සත්කාර ඒකකවල සහ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් අදාල අධ්‍යයනයේදී අවධානය යොමු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්