කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නේදැයි පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය නිවේදනය කර ඇත.
ඒ අනුව කොරෝනා වෛරසයේ බලපෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම
රටවලට අනතුරු අගවා ඇති අතර මේ සම්බන්ධ සියලු තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදා
ගන්නැයි ඉල්ලීමක් කර තිබේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පැවැති දෙවැනි
සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පියවර ගෙන තිබේ.
ඒ අනුව ලෝක සෞඛ්‍ය
සංවිධානය කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වය පාලනය කිරීම සදහා සියලු රටවලට
සහය ලබා දෙන බව සදහන් කර ඇත.
කොරෝනා වෛරසය ඔනෑම රටකට ව්‍යාප්තවීමේ අවධානම ඇති හෙයින් දෛනිකව අදාල
නිරීක්ෂණ හා මුලික හදුනාගැනීම්වල නිරතවිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය
උපදෙස් දී ඇත.