නවතම පුවත්

කොරෝනා ගෝලීය හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප‍්‍රකාශයට පත්කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නේදැයි පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය නිවේදනය කර ඇත.


ඒ අනුව කොරෝනා වෛරසයේ බලපෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලට අනතුරු අගවා ඇති අතර මේ සම්බන්ධ සියලු තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදා ගන්නැයි ඉල්ලීමක් කර තිබේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පැවැති දෙවැනි සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පියවර ගෙන තිබේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වය පාලනය කිරීම සදහා සියලු රටවලට සහය ලබා දෙන බව සදහන් කර ඇත.
කොරෝනා වෛරසය ඔනෑම රටකට ව්‍යාප්තවීමේ අවධානම ඇති හෙයින් දෛනිකව අදාල නිරීක්ෂණ හා මුලික හදුනාගැනීම්වල  නිරතවිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්