නවතම පුවත්

කොරෝනා තුරන් වනතුරු දුම්කොළ නිෂ්පාදන තහනම් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

අසංක

අසංක

කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කරන තුරු දුම්වැටි හා අනෙකුත් දුම්කොළ නිෂ්පාදන රට තුල අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් කිහිපයක් හා මහජන සෞඛ්‍යය පිළිබඳ පාර්ශවකාර ආයතන කිහිපයක් එකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

දුම්වැටි හා දුම්කොළ භාවිතය , කොවිඩ් රෝග තත්වයන් තවදුරටත් උග්‍ර කිරීමට ඉවහල් වනවා සේම මෙරට ආර්ථිකයටද අහිතකර බලපෑම් එල්ල කරන බව එම ලිපිය හරහා අවධාරණය කර ඇත.

දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ මැදිහත්වීමෙන් සකස් කර ඇති මෙම ලිපියට , ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය ,ශ්‍රී ලංකා මනෝවෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය , මධ්‍යසාර හා මත්ද්‍රවය තොරතුරු මධ්‍යස්ථානය , ජාතික අමධ්‍යප ව්‍යාපාරය ,සෞඛ්‍ය ප්‍රවර්ධන පදනම යන සංවිධාන හා ආයතන අත්සන් තබා ඇත.

දුම්පානය කරන්නන්ට කොවිඩ් 19 රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩි බවත් , එසේම දුම්පානය කරන්නෙකුට මෙම රෝගය වැළඳුනු විට මරණයට පත්වීමට ඇති අවදානම පවා වැඩි බවත් මෙම ලිපිය මගින් පෙන්වාදී ඇත.

මෙම වසංගත කාලසීමාව තුල දුම්වැටි අලෙවිය තහනම් කරන ලෙස දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියද ඉල්ලීමක් කර ඇති බවත් , මෙම ලිපිය හරහා පෙන්වාදී ඇත. ඒ පිළිබඳව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන වෙනුවෙන් එම අධිකාරියට ස්තූතිවන්ත වන බවද ලිපියේ දැක්වේ.

දුම්වැටි හා දුම්කොළ තහනම් කිරීම මෙරට ආර්ථික ප්‍රවර්ධනයටද දායක වන කරුණක් බව ලිපිය මගින් පෙන්වාදී ඇත.

දුම්කොළ භාවිතය හේතුවෙන් මෙරට දිනකට 55 දෙනෙකු මියයන බවත් ඒ හරහා රෝගී වන අය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම වාර්ෂිකව රුපියල් බිලියන 214 වැයකිරීමට රජයට සිදුවන බවත් ලිපියේ දැක්වේ.

දුම්කොළ කර්මාන්තයට අදාළ ආයෝජන වලින් සියයට 90 කටත් වඩා වැඩි ප්‍රමාණයක් විදේශ යෝජනා බැවින් , ඒ හරහා ලැබෙන ලාභයෙන් වැඩි කොටසක්ද එම සමාගම් වෙතම ලැබෙන බවද ලිපියේ දක්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්