නවතම පුවත්

කොරෝනා දෙවැනි රැල්ලත් දකුණු කොරියාවට ඇවිත්

අසංක

අසංක

දකුණු කොරියාව මේ වන විට නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලකට මුහුණ දෙමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍ය නියුන්ග්- හු ප්‍රකාශ කර සිටි.

එය ඉතා බරපතල තත්ත්වයක් බවද කොරියානු අමාත්‍යවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

පසුගිය සතිය තුලදී දකුණු කොරියාවට විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් ඊට පෙර සතියේදී වාර්තා වූයේ රෝගීන් 48ක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය .

දේශියව වාර්තා වන රෝගීන්ට අමතරව විදෙස් රටවලින් පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරිමට සිදුවීම තුලින් රටේ සෞඛ්‍ය අංශ බරපතල තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය .

ඉකුත් පෙබරවාරි සහ මාර්තු මාසයේදී ඩේගු නගරයෙන් ඇරඹි කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට පසුව මේ වන විට දෙවන රැල්ලක් නිර්මාණය වී තිබෙන බව දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජියොන් යුන් – කියොං මහතාද ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්