නවතම පුවත්

සහරාන්ට ඉන්දියාවට පලායන්න රිෂාද් බදියුදීන්ගේ සොයුරා සහය දීලා

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සැලසුම් කළ බෝම්බකරු වූ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව ජනාධිපති කොමිසමේදි හෙළිවිය.

2017 වර්ෂයේ මාර්තු මස කාන්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමකින් අනතුරුව සහරාන්ට මෙලෙස ඉන්දියාවට පලායාමට ඔහු සහය දී ඇත.

හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළේ සහරාන් හෂිම්ට මන්නාරමේ සිට ඉන්දියාවට බෝට්ටුවෙන් පළායාමට මෙලෙස රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බවයි.

එසේම සහරාන් හෂිම් සහ අබ්දුල් රාසික් එක්ව ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා අනුග්‍රාහය ලබා දී ඇති බවද මෙම සාක්ෂිකරු කොමිසමට පැවැසීය.

පසුගියදා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ආ බුද්ධි තොරතුරු මුල් අවස්ථාවේ නිශ්චිත තොරතුරු ලෙස ලබා දී තිබුණද, පසුව අවස්ථා ගණනාවකදි එම තොරතුරුවල වටිනාකම පාර්ශව කිහිපයක් විසින් දියාරු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සදහා පසුගිය සමයේ සිටි ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු ඊයේ දින ජනාධිපති කොමිසමට කැදවා තිබුණි.

එහිදි සාක්ෂිදෙමින් ඔහු සදහන් කළේ බුද්ධි තොරතුරක් ඉහළ වටිනාකමක් ගැනීමට නම් එම තොරතුර තුළින් ප්‍රශ්න 06 කට පිළිතුරු ලැබිය යුතු බවයි.

ඒ අනුව අදාළ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් කවුද ( Who ), මොකක්ද කරන්නේ ( What ), කවදාද ( When ), හේතුව ( Why ), කොහොමද ( How ), කොහෙද ( Where ) යන ප්‍රශ්න වලට පිළිතුරු ලැබීය යුතු බව සාක්ෂිකරු පෙන්වා දුනි.

මෙහිදි ජනාධිපති කොමිසම විමසා සිටියේ කිසියම් තොරතුරක් වටිනා බුද්ධි තොරතුරක් ලෙස සැලකීමට මෙකී ප්‍රශ්න 06 ටම පිළිතුරු සැපයිය යුතුද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ අවම වශයෙන් ඉහත සදහන් කළ ප්‍රශ්න 06න් 03කට හෝ අදාළ බුද්ධි තොරතුර තුළින් පිළිතුරු අනාවරණය වන්නේ නම් එම තොරතුර වටිනා බුද්ධි තොරතුරක් ලෙස සලකා වගකිවයුතු පාර්ශව වෙත යොමු කරන බවය.

සාක්ෂිකරුගේ මෙම පැහැදිලි කිරීමත් සමග රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පාස්කු ප්‍රහාරයට පෙර ලද මුල් බුද්ධි ලේඛනයක් වන සි 04 බී ලේඛනය පෙන්වා විමසා සිටියේ එම ලේඛනය වටිනා බුද්ධි තොරතුරක් ලෙස සැලකිය හැකිද යන්නයි.

එහිදි සාක්ෂිකරු සදහන් කළේ අදාළ බුද්ධි තොරතුරෙහි ජාතික තවුහිද් ජමාත් සංවිධානය යන නමද, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තවාදින් 05 දෙනෙකුගේ නම්ද සදහන්වීමෙන් කව්ද (Who) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවයි.

එසේම මරාගෙන මැරෙන ප්‍රහාරයක් යන්න සදහන් වීම මගින් මොකක්ද (What) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත්, නුදුරේදිම යන වචනය තුළ කවදාද ( When )යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත් සාක්ෂිකරු සදහන් කළේය.

අන්තවාදින් පිළිබද නිරන්තර අවධියෙන් සිටිය යුතු ආරක්ෂක නිලධාරින්ට මෙම ලේඛනය තුළ හේතුව ( Why ) සහ කොහොමද ( How) යන ප්‍රශ්න වලටද පිළිතුරු සොයාගත හැකි බවද හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙම බුද්ධි තොරතුර තුළ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන ඉලක්ක විය හැකි බව පැහැදිලිව දක්වා තිබිම තුළ කොහෙද ( Where ) යන ප්‍රශ්නයටද පිළිතුරු ලැබෙන බව පෙන්වා දුනි.

සාක්ෂිකරු ජනාධිපති කොමිසමට පැවසුවේ ප්‍රශ්න 06 ටම පිළිතුරු සැපයෙන මෙවැනි නිශ්චිත වැදගත් බුද්ධි තොරතුරක් හමුවන්නේ කලාතුරකින් බවය.

කෙසේ වෙතත් එහිදි සාක්ෂිකරු සදහන් කළේ පළමු බුද්ධි තොරතුර තුළ අන්තර්ගත වු ඇතැම් කරුණුවල වටිනාකම පසු ලේඛන තුළින් හීන කිරීමකට ලක්ව ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්