පැතුම් වික්‍රමරත්න
කොරෝනා වසංගතය හේතුවෙන් ආසියානු ආර්ථික වර්ධනය ඉදිරි මාස කිහිපය තුල සම්පූර්ණයෙන් අඩාල වීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා සිටී .
ආසියානු ආර්ථිකය තුල මෙවැනි අඩාලවීමක් දක්නට ලැබෙනුයේ වසර හැටකට පසුව වන බවත් , එම අරමුදල නිකුත් කර ඇති නවතම නිවේදනයක දැක්වේ.
මේ අනුව ආසියානු ආර්ථිකය නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් එම රටවල් ඒකාබද්ධව ආරම්භ කල යුතු බවද , එසේ නොමැතිනම් මෙම සියයට 0 ක් වූ වර්ධන වේගය යම් කාලසීමාවක් පුරා පවතිනු ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වාදේ.
ස්මම්ස්ත්යක් ලෙස මුළු ලෝකයේම ආර්ථිකය මෙම වසර අගදී සියයට තුනකින් හැකිලෙනු ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වාදී ඇත.
එවැනි ආර්ථික අර්බුදයක් 1930 වසරෙන් පසු ලෝකය මුහුණදී නොමැති බවද එම අරමුදල සඳහන් කර ඇත