නවතම පුවත්

කොරෝනා නිසා තෙල් මිලත් කඩාවැටෙයි

අසංක

අසංක

කොරෝනා වයිරසය හේතුවෙන් , චීන ආර්ථිකය මේ වන විට අකර්මණය තත්ත්යට පත්වීම නිසා , ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද සීඝ්‍ර කඩා වැටීමක් වාර්තා කර ඇත.

මේ වන විටත් චීනයේ ව්‍යාපාරික හා කාර්මික ක්‍රියාකාරකම් අඩාල වී ඇති අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර සංචාරක සීමා කිරීම් නිසා චීනයේ තෙල් ඉල්ලුමද පහත දමා තිබේ.

මෙය ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිලට ඍජුවම බලපා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත
අඟහරුවාදා (04) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55 සීමාවෙන් මෙපිට පැමිණි අතර මීට මාසයකට පෙර (ජනවාරි 06) එම අගය වාර්තා වූයේ ඩොලර් 68.51 ක් වශයෙනි.

එසේම WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 50 සීමාවට පැමිණ තිබේ. එය පසුගිය ජනවාරි 06 දින වන විට දැක්වුණේ ඩොලර් 63.27 ක් ලෙසිනි.

පවතින වාතාවරණය තුළ ඔපෙක් සංවිධානය විසින් වියානා නුවර සිය මූලස්ථානයේ දී අද (05) දින සිය සාමාජික රටවල් 14 හි හදිසි රැස්වීමක් කැඳවීමට කටයුතු යොදා ඇත.

මේ අනුව මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට මුදාහරින නිෂ්පාදන ධාරිතාවෙහි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්