නවතම පුවත්

පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් ප්‍රකාශයට පත්කෙරේ

අසංක

අසංක

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා ගත් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් පාර්ලිමේන්තුවේදී අද දින ප්‍රකාශයට පත්කෙරිණ.

ඒ අනුව පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද , වාසුදේව නානායක්කාර , දුමින්ද දිසානායක , රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීතරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ වෙති.

අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ , සුනිල් හදුන්නෙත්ති , මාවෙයි එස්.සේනාධිරාජා , ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් වෙති

කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්