කොරෝනා නිසා හෝටල් සේවකයින් 150,000 ක් දැඩි පීඩනයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී මහතා අවධාරණය කර සිටී .

 

වසර දෙකක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තය බිඳ වැටීගෙන යන හෙයින් හෝටල් සේවකයන්ට නිසිපරිදි වැටුප් හිමි නොවන බව ද ඔහු මාධ්‍ය වෙත අද පැවසීය

 

ඇතැම් හෝටල් සේවකයන්ට ලැබෙනුයේ මූලික වැටුප පමණක් වන අතර තවත් පිරිසකට වැටුපෙන් අඩක් පමණක් ලැබෙන බව ද ජානක අධිකාරී මහතා පැවැසීය.