නවතම පුවත්

කොරෝනා පනතේ වගන්ති 5ක් ව්‍යවස්ථාවට පටහැනියි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

-ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි

දම්පත් රණසිංහ

කොරෝනා වයිරස රෝගය (කොවිඩ්-19 ) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) දැනුම් දී  තිබේ.

එම පනත් කෙටුම්පතේ 12 ,4, 5,6 සහ 7 යන වගන්තී එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායකවරයා සදහන් කළේය.

පනත් කෙටුම්පතේ 2,3,4,6,7සහ 10 වගන්ති සමඟ කියවිය යුතු දොළොස් වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම වගන්තිය සංශෝධනය කළහොත් එහි අනනුකූලභාවය ඉවත්ව යන හෙයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙන බවද ඔහු සදහන් කළේය. .

පනත් කෙටුම්පතේ 4 වෙනි වගන්තියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය එම ව්‍යවස්ථාවේ 84(2)වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය බව සඳහන් කර ඇති බවත් එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එහි අනුකූලතාව ඉවත්ව යන හෙයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයිද කකානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එසේම පනත් කෙටුම්පතේ 5,6 සහ 7 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1)ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.

පනත් කෙටුම්පතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කළ හැකි බවත් පනත් කෙටුම්පතේ 3 (1)වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බවත් සඳහන්වන බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්