නවතම පුවත්

කොරෝනා පරීක්ෂණවලට අඩු වියදම් පරීක්ෂණ කට්ටලයක් ඉන්දියාවෙන්

අසංක

අසංක

කොරෝනා වෛරස පරීක්‍ෂණය සඳහා ඉන්දීය විද්‍යාඥයින් පිරිසක් කඩදාසි භාවිතා කර ඉතා අඩු වියදම් මෙන්ම ඉතා වේගවත් පරීක්‍ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර ඇත.

මෙම පරීක්‍ෂණ කට්ටලය මගින් පැයක් වැනි කෙටි කාලසීමාවක් තුල කොරෝනා රෝගියෙකු හඳුනාගත හැකි අතර එම පරීක්‍ෂණය සඳහා වැයවන්නේ ඉන්දීය රුපියල් 500 ක පමණ (ශ්‍රී ලංකා රුපියල් 1500 ක් පමණ) මුදලක් වන බවද වාර්තාවේ .

“ෆෙලුඩා” යන නමින් නම් කර ඇති මෙම පරීක්‍ෂණ කට්ටලය, කඩදාසි මූලික කොට නිෂ්පාදනය කර ඇති ලොව ප්‍රථම කොරෝනා පරීක්ෂණ කට්ටලය වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මෙම පරීක්‍ෂණය ඉතා සරල මෙන්ම අඩුවියදම් සහිතවනවා පමණක් නොව එය ඉතා වේගවත් හා නිරවද්‍ය පරීක්ෂණයක් වන බවද ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යා උපදේශක මහාචාර්ය විජේ රාඝවන් මහතා සඳහන් කර සිටී.

මෙම පරීක්ෂණ කට්ටලය සියයට 96ක සංවේදීතාවයක් සහිත වන අතර සියයට 98ක නිශ්චිතභාවයක් ඇති බවද මහාචාර්යවරයා එරට මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.

පීසීආර් පරීක්ෂණයට වඩා අඩු වියදමකින් හා වැඩි වේගයකින් පරීක්ෂණ කල හැකි මෙම නව ඉන්දීය පර්යේෂණ කට්ටලය හේතුවෙන් කොරෝනා රෝගීන් හඳුනාගැනීම වඩාත් පහසු හා කාර්යක්‍ෂම වනු ඇති බවද රාගවන් මහතා සඳහන් කර ඇත.

ඉන්දීය විද්‍යාඥයින්ගේ මෙම නව නිපැයුම ලොව ඉතාමත් පෙරළිකාරී හා සුවිශේෂී නිපැයුමක් වන බවද ඔහු පවසා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්