නවතම පුවත්

කොරෝනා මඬින විශේෂ වැඩපිළිවෙළක් ගම්පහින් අරඹයි

අසංක

අසංක

කොරෝනා මඩින්න ගම්පහ කේන්ද්‍ර කරගත් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ යටතේ පහත දැක්වෙන පියවර හය කඩිනමින් ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර ඇත.

01. මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සදහා යොදා ගැනීම.

02. කොවිඩ්-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරික්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම.

03. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුලුව 2000 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම.

04. ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීම.

05. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිබල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම.

06. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ එම කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හා උපකරණ හිඟයකින් තොරව ලබාදීම.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්