නවතම පුවත්

කොරෝනා ප්‍රවර්ධනය කරන බවට ට්‍රම්ප්ට චෝදනා

අසංක

අසංක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට කොවිඩ් 19 වෛරසය ප්‍රවර්ධනය කරමින් සිටින බවට ඇමරිකානු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ඇන්තනි ෆවුචි මහතා චෝදනා කර සිටී.

පසුගිය මාසයේදී ‍ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේ පැවති උත්සවයකින් අනතුරුව ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සැළකිය යුතු අන්දමකින් ඉහළ ගොස් ඇති බවත් අදාල උත්සවය සඳහා සහභාගි වූ පුද්ගලයන් රැසක් මේ වනවිට ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් වෛද්‍ය ඇන්තනි ෆවුචි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක පත් කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ෆවුචි මහතා පෙන්වා දෙන්නේ මෙම උත්සවය පැවැත්වීමේදී සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමට අදාල ආරක්ෂිත ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නොමැති බවය

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිට නැවතත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට එක්වීමට පියවර ගෙන තිබිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්